අධ්‍යයන අවශ්‍යතා සදහා නිර්මාණය කරන ලද්දකි.

“Miracle of Han”

      "හැන් ගංගාවේ ආශ්චර්යය"

දෙවන කොටසට තොරතුරු සොයන අතරතුර, අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට, සැබැවින් ම රටක ආර්ථිකය වෙනස් කළ හැකි ද යන්න සොයා බැලුවා. එයට අදාළව හමුවූ තොරතුරු අතර, අපිට හමු වුණා මෙතෙක් නොදැන සිටි ආශ්චර්යයක් ගැන තොරතුරු. අපි බලමු ඒ Miracle එක මොකක්ද? කියලා.

 දකුණු කොරියාව

1960





                                       2020


අපි මේ  දකින්නේ සැබෑ වූ ආශ්චර්යයක්. දකුණු  කොරියාවෙ සිදුවූ  විප්ලවීය  ආර්ථික වෙනසක්. මේ  “Miracle of Han” හෙවත් හැන් ගංගාවේ ආශ්චර්යයි.  1960 වන විට සංවර්ධනය වෙමින් පැවති දුගී දකුණු කොරියාව, සංවර්ධිත රටක් බවට පත්වීම තමයි මේ හැන් ගගේ ආස්චර්ය නමින් හදුන්වන්නේ.  ඉතින් අපිට වැදගත් වෙන්නේ, මේ පරිවර්තනය වුණේ කොහොමද? කියලා සොයා බලන එක.

 








හැන් ගංගාවේ ආස්චර්යයෙන් පසු දකුණු කොරියාවේ ආර්ථික වර්ධනය


මෙම සීඝ්‍ර ආර්ථික වර්ධනය සඳහා කොරියානු රජය ගත් පළමු පියවර වූයේ අධ්‍යාපනයට ආයෝඡනය සඳහා කැපවීමයි. කොරියානු අධ්‍යාපනඥයින්, ශ්‍රම වෙළෙඳපොළේ නව අව්‍යශතාවය සපුරාලන්නට, අධ්‍යාපන මට්ටම ඉහළ  නංවන්නට, මනා සැලසුමකින්, ඒ වගේම දැඩි කැපවීමකින් කටයුතු  කළා. ඒ නිසා, අද වන විටදුප්පත්කම තුරන් කිරීමට අධ්‍යාපනය භාවිතා කළ ආදර්ශමත් රටක් ලෙස කොරියාව සැලකෙනවා.


එසේ නම්, අපේ රටත් සංවර්ධිත තත්ත්වයට පත්කරන්නට, මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  ක්‍රියාත්මක කිරීමෙන්, පදනම දමන්නට  හැකියි, යන අවබෝධය තුළින්, එහි කොටස්කරුවන්වීමට අප වාසනාවන්තවීම ගැන සතුටු වෙමින්, අපගේ භූගෝලීය විෂමතා සහ දුප්පත්කම අවම කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස්විය යුතු ආකාරයට වන අපගේ යෝජනා, මීළග පෝස්ට්වලින් ඉදිරිපත් කරනවා.

 

 

No comments:

Post a Comment