අධ්‍යයන අවශ්‍යතා සදහා නිර්මාණය කරන ලද්දකි.

ප්‍රාදේශීය විෂමතා අවම කිරිම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙසේ වෙනස් විය යුතුද?

 ඉතින්, දෙවන කොටසට අපට  පැවරුණේ ප්‍රාදේශීය විෂමතා හා දුප්පත්කම අවම කිරිම සඳහා අධ්යාපන ප්රතිසංස්කරණ කෙසේ වෙනස් විය යුතුද යන්න පෙන්වා දීමටයි.

 

ඒ අනුව  මුලින් ම අපි ඔබට ආරාධනා කරනවා, මේ ඔබ දකින සිතුවම සුළු මොහොතක් අධ්‍යයන කරන ලෙසට. පින්තූරේ උඩ විතරක් නොවේ. පහළම කොටසත්....,



 ප්‍රාදේශීය  විෂමතා මොනවාද?

 

 

ශ්‍රී ලංකාවේ එකිනෙකට වෙනස් ප්‍රාදේශීය විෂමතා අතුරින් අධ්‍යාපනයට බලපාන ප්‍රාදේශීය විෂමතා අපි කොටස් 3 ක් යටතේ ගොනු ගත කළා .


අනුව,

  •      භූගෝලීය විෂමතා,
  •      සම්පත්වල විෂමතා,  (එනම් මානව, භෞතික සම්පත් විෂමතාව) හා
  • .    සමාජීය හා ආකල්පමය  විෂමතා 

අපි හදුනා ගත්තා.


භූගෝලීය විෂමතා අවම කිරීම සදහා කළ යුත්තේ මොනවාද?



භූගෝලීය විෂමතා අවම කිරීම සදහා කළ යුත්තේ මොනවාද?

 

මේ ප්‍රශ්නයට පිළිතුර පහත සදහන් සුප්‍රසිද්ධ කාටූනයට දෙන නව අර්ථ කථනයකින්  පැහැදිලි කරන්න හිතුවා. මෙයින් සාමාන්‍යයෙන්, අර්ථකථනය වන්නේදරුවන්ගේ විවිධ හැකියාවන්ට, ගැලපෙන අධ්‍යාපනයක් නොලැබීමනේ.



එත් මෙහෙම හිතුවොත්, මේ මාළුවා ඉන්නේ වතුරේ, එයා ආසා, මුහුදේ පීනන හැටි ඉගෙන ගන්න. එත් මේ ගුරුතුමා උගන්වන්නේ ගහට නගින්න.

 

ඉතින් මේ අපේ දරුවෙක් නම් ඔහුගේ/ඇයගේ ලැදියාවට තැනක් දෙන්නේ කොහොමද?


i.       ප්‍රාදේශීය අනන්යතාව මත බිහිවන, විවිධ වෘත්තීන් පිළිබද අවශ්‍ය වන අධ්‍යාපනය ලැබීමට, විධිමත් විෂය මාලාවේ අවස්ථා ලබා දීම

 

උදාහරණ ලෙස රත්නපුර ප්රදේශයේ මැණික්, නුවර එළියේ තේ වගේ කර්මාන්තවල වෘත්තීන්ට අපේ දරුවෝ යොමු වෙන්නෙ විධිමත් අධ්යාපනයෙන් ගිලිහුණු විටදියි. එහෙත් එයට පෙර අදාළ ක්ෂේත්ර පිළිබද විධිමත් අධ්යාපනයක් ලබා සිටියානම්, වඩා සාර්ථකව වෘත්තීයකට එලැඔීමේ හැකියාව තියෙනවා. එයින්, ප්රදේශයට අනන්ය වු වෘත්තීන් සංවර්ධනය වීමත්, ඍණාත්මක භූගෝලීය විෂමතා සාධක අවමයත් කළ හැකියි.

 

ii.              ව්‍යවසායකත්ව අධ්‍යයන අවස්ථා පුළුල් කිරීම

 

·       නාගරික ප්‍රදේශවලට සිදුවන බුද්ධි ගලනයට ඒ ඒ ප්‍රදේශවලට ව්‍යවසායකයින් බිහි වන පරිදි නව ප්‍රතිසංස්කරණවල ව්‍යවසායකත්ව අධ්‍යයන අවස්ථා පුළුල් කිරීමත්, ඒ යටතේ, සුදුසු ප්‍රාථමික අවධියක සිට 13 ශ්රේනිය දක්වා ම අත්දැකීම් පාදක හා ව්‍යාපෘති පාදක ඉගෙනුම් අවස්ථා, බහුල කිරීමත් අවශ්‍යයයි.

 

·       සිසුන්ගේ ලැදියා හා හැකියා අනුව තමාට අවශ්‍ය ඉගෙනුම් අවස්ථා සම්පාදනය කර     දීමත් ඉතාම වැදගත්

 

 

        මේ පුංචි කථාව අහන්න.



මේ සත්‍ය සිදුවීම මා දන්නා විදුහල්පතිනියක් තමයි මට
  කීවේ, අපේ උසස්පෙළට ටික කලකට ඉහත කේවල ව්‍යාපෘති අනිවාර්ය කෙරුණානේඒ කේවල ව්‍යාපාති යටතේ  නාවලපිටිය පැත්තේ දරුවෙක් තේ කර්මාන්තය පිළිබදව අධ්‍යයනයක් කළා. ඔහු ඉතා හොදින් මහන්සිවී ව්‍යාපෘති වාර්තාව සැකසුවා.. ඉතින්, මේ දරුවා උසස්පෙළ අවසාන වී, කර්මාන්ත ශාලාවක Tea Taster (ටි ටේස්ට(ර්)) රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට ගියා. එහිදි තේ ගැන ඔහුගෙන්, විමසු විට දත්ත සංඛ්‍යාමය දත්ත සමග ඒ දරුවාගේ භාෂාවෙන් කියනවා නම් ඔහු, “අහන අහන දේට පැලෙන්න උත්තර දුන්නා”. ඉතින්, ඔහුව ඒ රැකියාවට ඉහළින් ම තොරා ගත්තා.

ඒ ඇයි, ඔහු, ඒ ව්‍යාපෘතිය ඇගෙන් ම කරපු නිසා. ලැදියාව, හැකියාව ඇති නිසා ආසාවෙන් කළ නිසා . ඒ ඇගෙන් ම කළ නිසා, දත්ත හා තොරතුරු  මතක හිටියා. මේ නිසා ව්‍යාපෘති පාදක ඉගැන්වීම්  ඉතා වැදගත්.

 

                2.    සම්පත් (මානව හා භෞතික) විෂම වීම  නිසා ඇතිවුණ ප්‍රාදේශීය විෂමතා  අවමයට                     කළ හැකි දේ මොනවාද?.

 සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ම, සියලුම පහසුකම් ඇති, උසස් පෙළ             සියලුම විෂය ධාරා සහිත පාසල් ලබා දීමයි. එවැනි පාසලක තිබිය යුතු අවශ්යතා             පිළිබද නිර්ණායක සකස් කරලාඒ අනුව සියලුම පාසල්වලට සහ  එම පාසල්වල             පෝෂක පාසල් සංවර්ධනය කළ යුතු අතර සැමට ම අවශ්‍ය නිර්ණායක ඔස්සේ සමාන     පහසුකම් ලබා දිය යුතුයි.


ප්‍රාදේශීය විෂමතා  අවම කිරීමට සාධාරණ බව

විවිධ විෂය ධාරා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය භෞතික සම්පත්, යටිතල පහසුකම්විෂය මාලා ද්‍රව්‍ය සියලුම පාසල්වලට සමානව ලබා දීමත් අවශ්‍යයි.

මානව සම්පත් විෂම වීම  නිසා ඇති වී තිබෙන ප්‍රාදේශීය විෂමතා  අවම කිරීමට, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල තුලනය සක්‍රිය කිරීම කරන්න පුළුවන්.

 

 

    3.     ප්‍රාදේශීය වශයෙන් පවතිනසමාජීය හා ආකල්පමය වශයෙන් විෂම වීම අවම කිරීමට සදහා කළ හැකි යෝජනා මොනවාද?

i.   සමාජයේ පවතින සෑම වෘත්තීයක්ම සමාජයේ පැවැත්මට විශාල මෙහෙවරක් කළත් එම සෑම වෘත්තියකටම සමාජයේ එක සමාන පිළිගැනීමක් නැහැ. මේ අනවබෝධය නිසා ඉහළ ආදායම් ලබා ගත හැකි රැකියාවන් පවා සමහරක් දරුවන් ප්‍රතික්ෂේප කරනවා.

මේ නිසා  සමාජයේ සෑම තලයකම වෘත්තීන් පිළිබද සම ගරුත්වයක් ඇති වන සේ ආකල්පමය වෙනසක් ශිෂ්යයා තුළ ඇති කිරීම  සදහා ධනාත්මකව, සෑම රැකියාවක්ම ආකර්ශනය කිරීමට නවීන තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ හොද දැනුමක් සහ අවබෝධයක් පාසල තුළින් ශිෂ්‍යයාට ලබා ගත හැකි ආකාරයට, විෂය මාලාව වෙනස් වෙන්න ඕනේ.

* විශේෂයෙන්, මේ ඡායාරූපවල, A සහ B පේලිවල ඡායාරූප සන්සන්දනය කර බලන්න.

 


 

B පේලියේ ඇති වෘත්තීමය ඇදුම් පැලදුම් සහ නව තාක්ෂණය  භාවිතා කිරීම  තුළින්, සමාජයේ, ඉහළ පිළිගැනීමක් සහ ස්ථාවර ආර්ථිකයක් කරා පිය නැගිය හැකි බව දරුවන්ට අවබෝධ කර දිය  යුතුමයි.

           

ii. පාසල තුළ, පාසලේ අන්‍යතාවය මත සම්මත නිල ඇදුම් දෙකක් භාවිතයට ගැනීම 


    මෙය නාගරික ජාත්යන්තර හා පෞද්ගලික පාසල් හා සෙසු රට පුරා පවතින රජයේ පාසල් අතර දැකිය හැකි, දීර්ඝකාලීන සම්ප්‍රදායක් නිසා වෙනස් කළ යුතුයැයි නොසිතන තත්ත්වයක්.

 

    අපේ යෝජනාව තමයි සුදුසුයි යන්න. එමගින්  ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය පහසු කිරීමට අවස්ථා සලසන්න පුළුවන්.

        විධිමත් නිල ඇදුම

        සැහැල්ලු නිල ඇදුම


    සතියේ පාසල් රැස්වීම් දින සහ උත්සව අවස්ථාවන්හි දී විධිමත් නිල ඇදුමත්, සෙසු දින හතරෙහි, ක්‍රියාකාරකම් සදහා පහසු නිල ඇදුමක් ද භාවිතා කළ හැකිය

ඇදුමේ පහළ කොටස තද වර්ණයකින් වුවහොත් පන්ති කාමරයේ වුවත් බිම වාඩි    වෙන්න දරුවෝ පැකිලෙන්නේ නැහැ. හතේ පන්තියෙන් පස්සේ, සෞඛ්‍ය කාලච්ඡේදයට ක්‍රීඩා පිටියට බැස්සත්, අත පය අකුලගෙන ඉන්න, අපේ ගැහැණු දරුවන්ට, ඕනෑම ක්‍රියාකාරකමක් පහසුවෙන් නියැලෙන්න, ඔවුන්ගේ විභ්‍යතා වැඩි කර ගන්නත් ඉමහත් පිටිවහලක් මෙමගින් සැලසෙනවා.      


No comments:

Post a Comment