අපගේ කණ්ඩායම
මේ පිළිබද ඉතා වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කර ගත්තා.
ඒ එක්
එක් කරුණු අපි දැන් බලමු.
දුප්පත්කම කියන්නේ, පාසලින් සිසුන් ගිලිහීමට මූලික හේතුවක්..
1. සිසුන් පාසලින්
ගිලිහීම වැළැක්වීමට දැනටමත් නීති පවතිනවා. නමුත් ගැටළුව ඇත්තේ, එම නීති ක්‍රියාත්මක කිරීමේ පවත්නා දුර්වලකමයි.
එසේ නම්, අනිවාර්ය අධ්‍යාපන
නියෝග ක්‍රියාත්මක කිරීමේ පාර්ශව අතර, ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කිරිමත්, ඒ පිළිබඳ නියාමනය සක්‍රිය
කිරීමට ක්‍රමවේදයක් සැකසීමත් කළ යුතු ම දෙයක්.
ඇගිලි සලකුණු
යන්ත්‍රය වැනි digital
tracking ක්‍රමවේදයක් හරහා NEMIS SIS පද්ධතියේ, යාවත්කාලීනව විශ්ලේෂණය වන තොරතුරුවලින්, දිගුකාලීනව පාසල් නොපැමිණෙන සිසුන් ගැන තොරතුරු, අවම ව මාසිකව අදාළ නිළධාරීන්ට ලබා ගැනීමට පහසුකම් සැපයීම කරන්න පුළුවන්.
2.
2. මීළගට දුප්පත්කම
අවම කිරිමට හා අධ්‍යාපනයේ සම සාධාරණ අවස්ථා සැපයීමට කළ යුතු තවත් වෙනසක් ලෙස අප දකින්නේ, එක් එක දරුවා වෙත සුවිශේෂී අවධානයක් යොමු කිරීමට, ඔහුගේ ස්වභාවට ගැලපෙන, ඉගැන්වුම් ක්‍රම භාවිතයට
ගුරු භවතා අවධානය යොමුවට අවස්ථාව සැලසීම. ගුරු භවතාට සැබෑ
ඉගෙනුම් සහකරුවෙකු වෙන්න කළමනාකරණය කරගත හැකි ප්‍රමාණයේ ශිෂ්‍ය සංඛ්‍යාවක් පන්තිය තුළ
සිටින්න ඕනේ නේද?
●
මේ නිසා,
වර්තමානය වන විට ප්‍රාථමික පන්තියක සිසුන් 35කට සීමා කිරීමට ගෙන ඇති
තීරණය 6 සිට 13 ශ්රේණි සදහා ද අදාළ කරගත යුතු වෙනවා. පොඩ්ඩක් හිතන්න, ළමයි 45ක් නෙවේ, නගරයේ සමහරක් පාසල්වල ළමයි 50ට වැඩියෙන් අනිවාර්යයෙන් ඉන්නවා. යථා ස්වභාවයේදී,
අපි මේ යෝජනා කරන, ලස්සන කුෂන්, කොට්ට තියන්න හෝ බිම වාඩිවෙන්න අවකාශයක් සකස් කරන්න හෝ කණ්ඩායසි වැඩට පන්තිය
හදන්න නෙවේ, අඩු ම ගානේ ගුරුතුමියට, ගුරු පුටුව තියා ගන්න තරම්වත්
ඉඩක්, මේ පන්ති කාමර තුළ නැහැ.
20 යි 20 පන්ති කාමරයක උපරිම දාන්න පුළුවන් ඩෙස් 45යි.
ඒත්, හැදෙන වයසේ ළමයි 50ත් 55 අතර සංඛ්යාවක්, මේ ඩෙස්
45 හිර වෙලා ඉන්නකොට තියෙන තත්ත්වය සැබැවින් ම කණගාටුදායකයි.
ඒ නිසා මේ පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 35කටවත්
අවම කිරීම නව ප්‍රතිසංකරණවලදී අවධානය යොමු කළ යුතුම කරුණක්.
2.
විධිමත් විෂයමාලාවේ අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුණතා පෝෂණය විය යුතු අවස්ථා ද අප හදුනා ගත්තා.
·
3.2. ආහාර අනාරක්ෂිත බව අවම
කිරීමට අධ්‍යාපන අවස්ථා සැපයීම
3.2.1. ප්‍රාථමික සහ ද්විතීයික අංශයේ දරුවන්ට
●
ඒ වගේම අස්වැන්න වැඩි කිරීමට, ලාභ උපරිම කිරීමට, නාස්තිය අවම කිරීමට,
“පසු අස්වනු තාක්ෂණය” වැනි ක්ෂේත්‍ර පිළිබඳ, ක්‍රියාකාරකම් හා ව්‍යාපෘති පාදක
අධ්‍යාපනයක් ලබා දීම අවශ්‍ය වෙනවා. අනාගත ගොවීන් බිහිවීමට
එය අත්වැලක් වේවි.
3.2.2 කාර්මික සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට,
සිසුන්ගේ අඩු ඉල්ලුමක් වීමට විසදුමයි.
ඒ සදහා වෘත්තීය පුහුණු අවස්ථා අධ්‍යයනයට ප්‍රයෝගික ක්‍රියාකාරකම් ඇතුළත් කිරීමත්, පාසල සහ වෘත්තීය අධ්‍යාපන ආයතන අතර සබඳතාව සක්‍රිය කිරීමත් කළ යුතු යැයි අප යෝජනා කරනවා. පොඩ්ඩක් හිතන්න,
අපේ පාසල්වල අධ්‍යාපන චාරිකා සංවිධානය කරද්දී, දවසක් ගතවන විශේෂ ස්ථාන නරඹන්න දරුවන්ව එක්කගෙන යනවා. ඒත්, අපේ ළමයිව, පාසලට ආසන්න ප්‍රදේශයේ පිහිටි කාර්මික විද්‍යාලයක් බලන්න එක්ක යනවාද?
අපේ 10/11 දරුවන්ගේ අත්‍යාවශ්‍ය ඉගෙනුම් විෂය මාලාවට, ප්‍රදේශයේ පිහිටි කාර්මික විද්‍යාලය සහ වෙනත් වෘත්තිය පුහුණු ආයතනයකට ගොස්, සපයන ලද ප්රශ්න මාලාවකට පිළිතුරු සපයා ගැනීමට යොමු කළොත්, ඒ අත්දැකීම ලබන ළමයිගේ ජීවිත, ත්‍රී රෝද රථයකට හිර වෙන් නැති වෙයි නේද?
2.2.3
ව්‍යසායකත්ව අධ්‍යාපනය විෂය 6-11 අත්‍යාවශ්‍ය විෂයක්
ලෙස ප්‍රවර්ධනයේදී,
●
පහළ සිට ඉහළට නැගි දේශීය/විදේශිය සාර්ථක ව්‍යවසායකයින්,
●
කැමති ක්ෂේත්‍රයක ගෝලීය තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ ස්ථාන
ගත වීම, අධ්‍යයනය කළ හැකියි.
●
සැබෑ සිසු නිෂ්පාදන පාසල් සමූපකාරය, ආපනශාලාව තුළ අලෙවියට අවස්ථා සැපයීමත් වැදගත්
●
දේශීය නව නිපයුම් ආශ්‍රිත ක්‍රියාකාරකම් කිරීමට අවස්ථා සම්පාදනයත්,
විෙශ්ෂයෙන් රාමුවෙන් පිටතට ගොස් සිතීමට පෙළඹවීමත් වැදගත්
●
රාමුවෙන් පිට සිතපු අපූරු ව්‍යවසායකයෙක්
පිළිබද තොරතුරු ඉන්දියාවෙන් අපට හමු වුණා. බලන්න, කොතරම් අපූරුවට, මේ නිෂ්පාදකයා, අහක යන දෙයකින්, ප්‍රයෝජනයක් ගන්නවාද කියලා.
හොදයි ඊ්ලගට අපි අපේ විෂය මාලාවේ සිදුවිය යුතු සිව්වන වෙනස්කම බලමු.
4. ප්‍රාථමික අවධියේ
සිට විධිමත් ලිංගික අධ්‍යාපන අවස්ථාව දෙන්න ඕනේ.
එමගින්, අපයෝජනයට හා අපහරණට ලක්වීම, ළමා ගැබ් ගැනීම්, අධ්‍යාපනය බිද වැටීම්,
බාලවයස් විවාහ, ආදී ළමාවිය සහ අධ්‍යාපන අවස්ථා
අහිමි වීමේ සම්භාවිතාවය අවම කරන්න පුළුවන්.
මේ ගැටළු පිලිබද
දැනුවත් වීමෙන්,
පාසලෙන් ගිලිහී, දුගී බවට ම ඇද වැටෙන දරුවන් ඉන් වලක්වා, පුද්ගල
දරිද්‍රතාවය අඩු කිරීමට මාර්ගයක් හැදෙනවා. ඒ වගේම සාර්ථක අධ්‍යාපනයක්
ලබා, රටේ ආර්ථික ශ්‍රමබලකාය පෝෂණයට මෙම දරුවන් එක්වීම ද සිදු
වෙනවා.
5.
ප්‍රාථමික අවධියේ සිට මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද අධ්‍යාපනය ද සංවේදී සහ ආකර්ශනීය
අයුරින් විෂය මාලාවට අන්තර්ගත කිරීමෙන්, අපේ රට දරිද්‍රතාවය
ගෙන යන එක් ප්‍රභල සාධකයක්, ඉන් අවම කළ හැකියැයි අපි දකිනවා.
මත්ද්‍රව්‍ය භාවිතය, ඉහළම සුපිරි සමාජයේ වගේ ම පහළම දුගී ජනතාව තුළත් බහුල බව අපි දන්නවා. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද අධ්‍යාපනය, ප්‍රාථමික අවධියේ සිට ම අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා අතරට එක් විීම ඉතා වැදගත්.
6. වර්තමාන ද්විතීයික අංශයේ, විෂය මාලාව යටතේ අන්තර් ක්‍රියාකාරි අධ්‍යාපන අවස්ථා සැපයීම සීමිත බවක් දැකිය හැකි
විමත් ගැටළුවක්.
ඒ නිසා ඉහළ ආදායමක්
උපයා ගැනීමට අවශ්‍ය ඉගෙනුම පහසු කරවීමට, සෑම විෂයකට ම අතිශයින් ආකර්ශනීය
වන, අන්තර් ක්‍රියාකාරී, සුහුරු ඉගෙනුම්
ආධාරක, මව්භාෂාවලින් සම්පාදනය, කළ
යුතුයි.
මෙය දැවන්ත කාර්යයක්
වුවත්, paradigm
shift එකක් කරන්න නම් අත්‍යාවශයෙන් ම කළ යුත්තක්.
7. එසේ ම, දරිද්‍රතාවය
තුරන් කිරීමට අධ්‍යාපන
ඉවහල් කර ගැනීමේ දී,
● සියලු සිසූන්ට/දෙමාපියන්හට නව මොඩියුලයක අන්තර්ගතය හදුනාගැනීමට පහසුකම් සැපයිය යුතුයි.
සෑම විෂයයක් ආශ්‍රිතව ම සැකසෙන මෙම මොඩියුල දෙමාපියන්ට / දරුවන්ට ඉදිරිපත් කිරීමේදී, සැහැල්ලු භාෂාවක්,
ආකර්ශනීය රූප භාවිතයත් වැදගත්. ඒ ඇයි?
ඒකාකාරීව, ශාස්ත්‍රීය භාෂාවෙන් ලියැවුණ
විස්තර, බොහෝ දෙනෙකුගේ අවධානය ඇද ගන්නේ නැති නිසායි.
●
එසේ ම ලෝක රැකියා වෙළඳ පොළ ගවේෂණයට නව ක්‍රම හදුන්වා දීම ද අවශ්යයි.
8. දරිද්‍රතාවයේ තවත් එක් හානිදායි පැතිකඩක් වන ළමා පෝෂණ ඌනතා අවම
කිරීමට,
සෞඛ්‍ය පළමුව යටතේ, පෙර පාසල් අවධියේ පෝෂණ ඌනතා ඇති දරුවන් ගේ අවශ්‍යතා හදුනාගෙන, ජාතික මට්ටමේ විධිමත් විශේෂ පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක
කිරිම යෝජනා කළ හැකිය.
පාසල් පෝෂණ වැඩසටහනට දෙමාපියන් වගා කරන භෝග මිලදී ගැනීමෙන්, ඔවුන්ට අදායමක් ලැබීමට අවස්ථාත් සම්පාදනයත්
කළ හැකියි.
9. දුප්පත්කම අවම කිරීමට ගුරුභවතුන්ගේ වෘත්තීය සංවර්ධනයත් ඉතා වැදගත්. විශේෂයෙන් ගුරුවරයා, ඉගෙනුම් සහකරුවෙක් නම්, ඒ සදහා භාවිතා කළ යුතු
ශිල්ප ක්‍රම මනාසේ අවබෝධ කර ගැනීම සහ එසේ අවබෝධයක් පවතින බව අධීක්ෂණ හා නියාමන පාර්ශවවලින්
තහවුරු කර ගැනීම අවශ්‍යයි.
එබැවින්, වෘත්තීය සංවර්ධනය යටතේ,
අඛණ්ඩව වෘත්තීය සංවර්ධනය කර ගන්නා ක්‍රමවේදයක් සැකසිමට,
●
ගූරුවරුන්
සදහා නියමිත කාලසීමාවකදී අළුත් කරගත යුතු පත්‍රයක් ලබාදීම ද හදුන්වා දිය යුතුයි. හදුන්වා දීමේ ඇතිවන ප්‍රතිරෝධය අවම කිරීමට, ගුරු
සංගම් වෙත කරුණු පැහැදිලි කරදී ඔවුන්ගේ යෝජනා ද ලබාගෙන කටයුතු කිරීමත් කරන්න පුළුවන්.
●
එසේම, සහ ගුරු කාර්ය
සාධන ඇගයීම්වවලදී ද, භාවිතය පහසු මාර්ගගත ඇගයීම් ක්‍රමයක්
භාවිතයත් සුදුසුයි. සිසු, ගුරු,
විදුහල්පති යන තුන් ආකාර ඇගයිම් ක්‍රමයක්
හදුන්වාදීමෙන් “ඕන්නම් අහගෙන ඉන්න,
බැරිනම් නිකන් ඉන්න, මට මොකෝ” යන සෘණාත්මක ආකල්පයක් දරන ගුරුවරුන්ට, තව දුරටත්
එසේ සිටිය නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. විශේෂයෙන් ශිෂ්‍ය ප්‍රතිචාර
දත්ත පද්ධතියකට ඇතුළත් වීම තුළ, සිය දුර්වලතා අවම කරගෙන,
සැබෑ ඉගෙනුම් සහකරුවෙක් වීම සදහා වෘත්තීය සංවර්ධනය ඇති කර ගැනීමට
පෙළඹවීමක් ලැබෙනවා.
10. දුප්පත්කම පිටු දකිමින්, සමාජ සචලතාවය තුළ ඉහළට යාමට ද
භාෂා අධ්‍යාපනය මනා අවස්ථා සපයනවා.
අපේ රටේ ඉංග්‍රීසි, දෙවන බස දෙමළ හා දෙවන බස සිංහල ආදී
භාෂා ගුරු භවතුන් බහුතරයකට, මනා භාෂා පරිචයක් හෝ ඉගෙනුම් ක්‍රම භාවිත හැකියාවක්
නොමැති බැවින්, ඔවුන්ගේ අභිමානයට හානියක් නොවන ලෙස ඔවුන් හදුනාගෙන, ධාරිතා සංවර්ධනය කළ යුතුයි.
ඒ අනුව,
දෙවන ක්‍රියාකාරකමේ සාරාංශය අපිට මෙලෙස දක්වන්න පුළුවන්.
ලාංකික සියලුම සිසු දරුවන් හට සමාන අධ්‍යාපන අවස්ථා නිර්මාණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීයව ඇති විෂමතා අවම කිරීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා .
ඔව්, මේ තමයි අපේ සිහිනය
මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක
කිරීම තුළින් නිපුනතාවයන් ලබන 21 වන සියවසේ සිසුවා, වැඩ ලෝකයට පිවිසිම තුළින්, අපේ රට සංවර්ධිත රටක් කරා ක්‍රමක් ක්‍රමයෙන් පිය නැගිම. මෙය අවුරදු 2 ක් තුනක් ඇතුළත සිදු නොවුනත්, අපේ පාසල් දරුවන් වැඩ ලෝකයට අවතීර්ණවී අවුරුදු
10 ක් යන විට සැබැවින්ම සාධනීය වෙනසක ආරම්භය අපට දැකිය හැකි වේවි.
No comments:
Post a Comment