අධ්‍යයන අවශ්‍යතා සදහා නිර්මාණය කරන ලද්දකි.

තෙවන කොටස යටතේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳ අප කණ්ඩායමේ යෝජනාව

 

මේ පින්තූරයේ සිටින මාධ්‍යවේදියා ඉදිරියේ ඉන්නේ කවුද?




 

 

මේ පින්තූරයේ සිටින මාධ්‍යවේදියා ඉදිරියේ ඉන්නේ කවුද?

අපිට හුරු කෙනෙක් නෙවේ.

අපි නොදන්නා තැනකින්, අලුත් අදහස් අරගෙන ආ කෙණෙක් වගේ

 

 

 

         මේ අපේ යෝජනාව

    ප්‍රතිසංස්කරණ පිළිබද මූලික දැනුවත් කිරීම් සහ පුහුණු වැඩසටහන්වලදී පුහුණුවන්නන්ට, මැනවින්, අදාළ දැ නියමාකාරයෙන් ග්‍රහණය කර ගැනීමට නම්, අදාළ මව් භාෂාව භාවිතා කළ  යුතූය.

 

    ඇත්තට ම ඉතාමත් සුදුසු මව්භාෂාව අනුව, කණ්ඩායම් කර පුහුණු කිරිමයි.

 

    එසේ ම,ඉදි රිපත් කිරීම්වල slides  සහ අදාල රූප සටහන් මවබසින්. දේශීය ඡායාරුප ඇතුළත්ව  සකස් කළ යුතුමයි.

 

    පළාත් අධ්‍යක්ෂගේ සිට ගුරු භවතා දක්වා, මෙම ප්‍රතිසංස්කරණවලට පහසුකම් සැපයීමට පෙරමුණ ගැනීම, අගය කළ යුතුයි. මතුවන නව අදහස්  ප්‍රචාරණය, අත්දැකීම් බෙදා ගැනීම මෙන්ම වැඩසටහන ක්‍රියාත්මක වීම  දැඩි ලෙස නියාමනය ද අත්‍යාවශ්‍යයි.

 

    මාධ්‍ය ප්‍රචාරණයේ දී අනුග්‍රාහක ආයතනවලට නව යෝජනා දැන්වීම් ලෙස අලෙවි කරන්න උපායයන් යෙදිය යුතුයිවිශේෂ අවධානයක් යොදවා, පවත්නා සම්පත් උපයෝගී කරගෙන සහ ප්‍රජා සහායයෙන්නිර්මාණශීලීව 21 වන සියවසේ අධ්‍යාපනයට එළැඹීමේ පහසුකම්, සංවර්ධනය කරන අයුරු, නිරූපනය කරන දැන්වීම් ප්‍රචාරණය කළ යුතුයිඑවිට, දෙමාපියන්, ප්‍රාදේශීය  ව්‍යාපාරික ආයතන, සුභ පතන්නන්, තමන්ගේ ආසන්න පාසල්වල මේ විප්ලවය දියත් කරන්න, සහාය දක්වන්න ඉදිරිපත් වේවි.

 


       මාධ්‍ය වැඩසටහන්වලදී සම්පත් පුද්ගලයින්, සිංහල වැඩසටහනක් නම්ව්‍යක්ත සිංහලබස , දෙමළ වැඩසටහනක් නම්ව්‍යක්ත දෙමළ බස භාවිතය තුළින් පිටසක්වල ජීවීන් ඇවිත්වැනි ආගන්තුකබවක්, නරඹන්නාට දැනීමේ අවස්ථා වැලැක්විය යුතුයි. මෙයින් අදහස් කරන්නේ, මෙවැනි වැඩසටහන්වලදී ඉංග්‍රීසි වචන භාවිතය කිසි සේත් නොකළ යුතු බව නොවෙයි. අධ්‍යාපනයට අදාළ වූ ශිල්පීය වචන, සාමාන්‍ය ජනතාවට කිසිසේත් නුහුරු බවින්, සරලව අදාළ මව්බසින් ප්‍රේක්ෂකයින් ඇමතීමෙන්, මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා ප්‍රජා සහාය ලබා ගැනීමට මනා පිටිවහලක් ලැබෙන බවයි.

 

එසේ නම්, ඉහත දැකුවූ 3 වන කොටසේ යෝජනාව සමගින් අප TOT අංක 01 කණ්ඩායමේ ඉදිරිපත් කිරීම මෙසේ අවසන් කරනවා

 

අපිට, එකතුවී, දැඩි කැපවීමෙන්,  අනාගතය ගොඩනැගිමට පුලුවන්

 

ස්තූතියි.


No comments:

Post a Comment