පින්ලන්තයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ගතික ස්වභාවය
Prof. Tapio, SESIP International consultant2021.09.14 ප. ව. 3.00 -4.00
උපදේශන නායකත්වය පිළිබඳ දේශනයෙන් ග්‍රහණය වූ වැදගත් කරුණු I
· පින්ලන්තයේ, පැරණි සහ නව නිර්දේශ අතර පැවති බරපතල වෙනස නිසා නව ප්‍රතිසංස්කරණ හදුන්වා දීමේ දී ආරම්භයේදී ක්‍රියාකාරීත්වයේ ගැටලු සහගත තත්ත්ව මතු විය.
- රතු පැහැයෙන් දක්වා ඇති රේඛාවට අනුව, එරට අධ්‍යාපනය, අවශ්‍ය මට්ටමට වඩා පහතින් පැවති අතර ප්‍රතිසංස්කරණ හදුන්වාදීමෙන් පසු, බැස්මක් සහිතව, තීරණාත්මක තත්ත්වයක් ඇති විය. මේ සදහා හේතු කාරක සාධක කිහිපයකි.
o උදා. ගුරු භූමිකාවේ සිදු වූ වෙනස:
ගුරුවරු තව දුරටත් ගුරු කේන්ද්‍රීය දේශකයන් නොව
දරුවන්ට ඉගෙනුමට පහසුකම් සපයන්නන් බවට පත්වීමට අනුගතවීමට ගත් කාලය.
· වසර 2 ක් පමණ ගත වීමෙන් පසු නව නිර්දේශය ක්‍රියාත්මකවීමේ ධනාත්මක වර්ධනය ආරම්භ වුණි.
· මෙම ක්‍රියාත්මකවීමේ සිදුවන පසු බැස්ම මත ඇතිවන තීරණාත්මක අවධිය, ඉතාමත් වැදගත් කාලච්ඡේදයකි. හේතුව, මෙම මට්ටමේ දී යම් විදුහල්පතිවරයෙක්, නැතිනම්, කලාප/පළාත්/ ජාතික මට්ටමේ නිලධාරීන් හෝ දේශපාලකයින්, මෙම මට්ටම තුළදී , මෙම නව ප්‍රතිසංස්කරණ අසාර්ථක යැයි තීරණය කළහොත්, එය වැරදි තීරණයක් වන බැවිනි.
· එබැවින්, විශේෂයෙන් විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, දෙමාපියන්, මේ ගතික ස්වභාවය පිළබදව අවබෝධවත් වීම සහ ඉවසීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
No comments:
Post a Comment