අපි ඉපදුනේ 20වෙනි සියවසේ. අපි ඉගෙන ගන්න
සහාය වන දරුවෝ තුළත්, අපිත් තවමත් ඉගෙන
ගන්න නිසා, අප තුළත් මේ කුසලතා තියෙන්න ඕනේ.
අපි 1900 න් ඇරඹි ශත වර්ෂය තුළ ඉපදුන අය. ඒ කියන්නේ, 20 වන සියවසේ ඉපදුන අය. (ගැනලා බලන්න 1900-1999 දක්වා සීයේ ඒවා කීයක් තියෙනවාද කියලා)
එත්, අපි උගන්වන්නේ, 21 වන සියවසේ උපන් දරුවන්ට. දැනට අපේ පාසල්වල ඉන්න සෑම දරුවෙක් ම 2000 න් පස්සේ ඉපදුන අයනේ.
ඉතින් මේ 2 වන සියවසේ, නැතිනම් මේ වර්තමානය පවතින සියවසේ අධ්‍යාපනය ලබන්නෙක් තුළ තිබිය යුතු කුසලතා ගැන තමයි අපේ මුල් ම අධ්‍යයන මාතෘකාව.
1. 1 1. අපි ඉගෙන ගන්න සහාය වන අපේ දරුවන්ට මේ කුසලතා තියෙන්න ඕනේ. ඒ නිසාත්,
21 වන සියවසේ කුසලතා හා ඒ ආශ්‍රිත පසුබිම පිළිබදව පැහැදිලි අදහසක් ගන්න, ඉතා කෙටි විීඩියෝවක් නරඹමු.
ඇත්තට
ම ඔබ ඒ
දුටුවේ අපේ ඉදිරිපත් කිරීමේ 21 සියවසේ අධ්‍යාපනය ගැන සාරාංශයක් .
එනම්, විසි එක්වන සියවසේ සිසුවා සතුව තිබිය යුතු කුසලතා,
මේ සියවසේ පාසල, පන්ති කාමරය, විදුහල්පතිවරයා, ගුරුවරයා, හතරවන කාර්මික විප්ලවයට ගැලපෙන ලෙස පාසල වෙනස්විය යුතු ආකාරය පිළිබඳව අප ගවේෂණය කළ කරුණුවල සාරාංශයක්.
21 වන සියවසේ
අධ්‍යාපන කුසලතා අප සිසු දරුවන්ට ලබා දිය යුත්තේ මන්ද?
මේ රූප සටහනින්
අර්ථ දැක්වෙන ලෙස ම,
මෙම දරුවන් හුරු කළ යුත්තේ අද අප නොදන්නා රැකියා, තාක්ෂණයන් සහ ගැටළුවලට මුහුණ දීමටයි.
නොදන්නා අභියෝගවලට මුහුණ දිීමට දරුවන්ට අවශ්‍ය කුසලතා මොනවාද?
21 වන සියවසේ අධ්‍යාපන කුසලතා
ප්‍රධාන උප කොටස් තුනක් යටතේ ගොනු කර දක්වන්නට
පුළුවන්.
2) සාක්ෂරතා කුසලතා
3) ජීවන කුසලතා
●
ඉගෙනුම් කුසලතා යටතේ
○
විවේචනාත්මක චින්තනයෙන් ප්‍රශ්න නිරාකරණය කළ හැකි,
○
නිර්මාණශීලීබව හා නවෝත්පාදන හැකියාව ඇති,
○
සහයෝගයෙන් කටයුතු කළ හැකි
○
මනා සන්නිවේදන හැකියා ඇති දරුවෙක් විය යුතුයි.
- ● තාක්ෂණ කුසලතා යටතේ
○ එසේ ම තොරතුරු,
○ මාධ්ය හා
○ තාක්ෂණය පිළිබද සාක්ෂරතාවන් ඇති දරුවෙකු විය
යුතුයි.
●
වැදගත් ම දේ මෙම දරුවා ජීවන කුසලතා
යටතේ වන
○
නම්යශීලී,
○
අනුවර්තනය විය හැකි,
○
නායකත්වයක් ගන්නා,
○
ආරම්භක හැකියාවක් සහිත ඵලදායීව,
○ සමාජ වගවීම දරන දරුවෙකු විය යුතුයි
------------------------------------------------------------------------------------
Ø
වගකීමයි, වගවීමයි
අතර වෙනස මොකක්ද?.
· වගකීම:
o තම තනතුර මත හිමිවී ඇති
කාර්ය ඉටු කිරීමට ඇති බැඳියාවයි.
o මෙය වෙනත් අයෙකුට පැවරිය
නොනැක.
· වගවීම:
o වගකීම ලැබී ඇති තැනැත්තා,
තමාට ඉහළින් සිටින නිලධාරීන්ට තම කටයුතු පිළිබදව වාර්තා කිරීම සහ සාධාරණිකරණය කළ
යුතු වීමයි.
o එනම්, වගකීම ඉටු කිරීමට
ඇති බැඳිමයි.
------------------------------------------------------------------------------------
Ø හරස් සංස්කෘතික කියන්නේ?
· විවිධ සංස්කෘතික පසුබිම්වලින් පුද්ගලයින්
සමඟ සන්නිවේදනය කිරීමට අවශ්‍ය කුසලතා
No comments:
Post a Comment