අධ්‍යයන අවශ්‍යතා සදහා නිර්මාණය කරන ලද්දකි.

සති දෙකේ සැලසුම

මේ වැඩ සැලසුම ගැන ලියන්න හිතුවේ, අපිට අපේ කණ්ඩායම් ක්‍රියාකාරකම හොින් කර ගන්න ඒ සැලසුම ඇත්තට ම උදව් වුණ නිසා. මේ සැලසුම ඒ ලෙස ම අපි ක්‍රියාත්මක කළා.

 

2021.09.17

 

2021.09.17  වැඩමුළුවේ අවසාන ක්‍රියාකාකරම විදිහට ජයලාල් සර් අපිව zoom Breakout Roomsවලට බෙදලා, සුළු වෙලාවක් තොරතුරු හුවමාරු කර ගන්න කීව වෙලේ, අනුෂා ටක් ගාලා Google sheet එකක් හදා ගත්තා. ඒකට, කට්ටිය එකතු වෙලා අවශ්‍ය මුලික තොරතුරු ඇතුළත්කරලා share කර ගත්තා. පැවරුම් උපදෙස් ලැබුන දවසෙම නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි විසිරුණා. එදා රෑම වට්ස්ඇප් ගෘප් එක හදා ගත්තා, පණිවිඩ දාන්න ලේසි වෙන්න.

 

2021.09.19

අද පැවරුමේ තොරතුරු ඇතුළත් මේල් එකක් ලැබුණා. වට්ස්ඇප් තියෙන නිසා, ටක් ගාලා රෑ 9.30ට මීටින් එකක් දා ගත්තා.

මීටින් එකට ඔක්කෝම ආව නිසා, සතුටක් දැනුණා.

මේ වැඩ සැලසුම ගැන ලියන්න හිතුවේ, අපිට අපේ කණ්ඩායම් ක්‍රියාකාරකම හොින් කර ගන්න ඒ සැලසුම ඇත්තට ම උදව් වුණ නිසා. මේ සැලසුම ඒ ලෙස ම අපි ක්‍රියාත්මක කළා.

 මෙන්න අපේ එදා වැඩසටහන

1.     කණ්ඩායම වැඩි දුරටත් හදුනා ගැනීම

2.     පැවරුම අධ්‍යයනය හා අනිවාර්ය 1 කොටස වැඩ බෙදා ගැනීම (slides ප්‍රමාණය, පොදු PPP නිර්මාණය)

3.     2 කොටස - ක්ෂේත්‍ර ඛණ්ඩනය- බෙදා ගැනීම

4.     3 කොටස....

5.     විශේෂ කරුණු සාකච්ඡාව

6.     කාලරාමුව තීරණය

7.     වෙනත් අදහස්

8.     තාක්ෂණික දැනුම හුවමාරුව

 

මේ වැඩසටහනේ විදිහට අපි පැවරුමේ තොරතුරු රැස් කිරීමේ කාර්ය පහත සදහන් විදිහට බෙදා ගත්තා.

 වැඩ සැලසුම


මෙහි දී අපේ මාතෘකාව පැහැදිලි කරගෙන, එහි කොටස් හදුනාගෙන, තොරතුරු සෙවිය යුතු අංශ ද සාකච්ඡා කර ගත්තා.

 මාතෘකාව - 

ප්‍රාදේශීය විෂමතා සහ දුප්පත්කම අවම කිරීමට නව අධ්‍යාපන   ප්‍රතිසංස්කරණ සකස් විය යුතු ආකාරය

 

1.    ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය විෂමතා         -           භූගෝලීය, සාමාජීය (භාෂාව, සංස්කෘතික

ආගමික, වෘත්තීමය)

2.               දුප්පත්කම                                    ආර්ථික, …….

 

ඉහත කොටස් 2 හි    i. පවතින තත්ත්වය හැදින්වීම

ii. සංඛ්‍යාෙත්මක  තොරතුරු මගින් සනාථ කිරීම

 (ජාතික විභාග ප්‍රතිඵල ආදිය මගින් බලපෑම විග්‍රහය)

iii. අවම කිරීමට යෝජනා 

(හදුන්වාදීමට යෝජිත විෂයයන්/සැකසිය යුතු ක්‍රියාකාකම්වල ස්වභාවය )

 

3 වන කොටසට, Word doc එකක් open කරන්න අනූෂා භාර ගත්තා. සෑම සාමාජිකයෙක් ම ඒ කොටසට වැදගත් යෝජනා තුන බැගින් ඉදිරිපත් කරන්නත් පසුව ඒවා සංස්කරණය කර අවශ්‍ය පරිදි භාවිතයටත් තීරණය කළා.

 

ඊට පස්සේ ඉදිරිපත් කිරීම සැකසීමේදී සැලකිය යුතු විශේ කරුණු සාකච්ඡා කරා පහත කරුණු ඔස්සේ..



·               Blue ocean theory අනුව පුහුණුවන්නන්, ඉගෙනුම ලබන්නන් පාරිභෝගිකයන් ලෙස සිතමින්

  • ආකර්ශනීය ආරම්භයක්
  • සෑම කොටසක දීම ශ්‍රාවකයා ග්‍රහණය කර ගැනීම
    • ප්‍රශ්නයක් ඇසීම
    • අදහසක් විමසීම
    • අත්දැකීමක්/කථාවක්/වැදගත් ඡායාරූපයක්/රූප සටහනක්
    • ක්‍රියාකාරකමක් කිරීම වැනි උපක්‍රමයක් භාවිතය මගින්
  • නිවැරදි  වචන භාවිතය (අදල වචනයේ සිංහල/දෙමල තේරුම දැන සිටීම)
  • කදාවේ (slide) ලියා ඇති දේ ම කීම අවශ්‍ය නොවීම
  • ඇසිය හැකි ගැටළු ලැයිස්තුවක් පිළියෙළ කර ගෙන පෙර සුදානම



අන්තිමට ඉදිරි සති දෙකේ කාලයේ කාල රාමුව තීරණය කර ගත්තා.

 

දිනය

වෙලාව

කාර්ය

2021.09.19 ඉරිදා

ප. ව. 9.30

පැවරුමේ ක්‍රියාත්මක සැලසුම සැකසීම

2021.09.23 බ්‍රහස්පතින්දා

ප. ව. 9.30

කරුණු සාකච්ඡා කිරීම

2021.09.25 සෙනසුරාදා

ප. ව. 9.30

නැවත බැලීම

2021.09.26 ඉරිදා

‍ප. ව. 9.30

Final  Presentation සැකසීම

2021.09.28 අගහරු.

ප. ව. 9.30

පෙරහුරුව 1 දිනය

2021.09.29 බදාදා

ප. ව. 9.30

පෙරහුරුව 2 දිනය

2021.09.30 බ්‍රහස්.

ප. ව. 9.30

පෙරහුරුව 3 දිනය

2021.10.01 සිකුරාදා

ප.ව. 11.00 ට පෙර

ඉදිරිපත් කිරීම feldmtotassign@nie.edu.lk වෙත යැවීම

2021.10.02 සෙනසුරාදා

පෙ. ව. 9.00

ඉදිරිපත් කිරීම/වැඩමුළුව

2021.10.03 ඉරිදා

පෙ. ව. 9.00

ඉදිරිපත් කිරීම/වැඩමුළුව

අන්තිමට, අදාළ මාතෘකා අනුව, තොරතුරු එකතු කරගෙන නැවත 23 බ්‍රහස්පතින්දා දින හමුවෙන බලාපොරොත්තුවෙන් අපි සමු ගත්තා.

 

මේ කාලරාමුවට අනුගතව ම අපි ක්‍රියාත්මක උණා. වෙනස් වුණ එක ම දෙය වුණේ, ඔක්තෝබර් සිකුරාදා හවසත් අවසානවරට පෙරහුරුවක් කෙරුණ එක පමණයි. පෙරහුරුව දවස් තුනකට දා ගත්තත්, එක් අයෙකුට පැය ½ ක් පමණ ගත වුණ නිසා, අපිට, කණ්ඩායමේ හැමෝටම අවස්ථාව දෙන්න නිසයි, ඒ විදිහට අමතර වෙලාවක් යොදා ගන්න උණේ.

 


No comments:

Post a Comment