ලංකාව අපි උපන්න රට. අපේ මාතෘ භුමිය. පුංචි කාලේ ඉදන්, දුවලා, පැනලා,
සෙල්ලම් කරලා, කන්නන්ගර මහත්තයාට පින් සිද්ධ වෙන්න, අම්මලා, තාත්තලාට මහා බරක්
වෙන් නැතිව ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න ඉඩ දුන්න රට.
ඒ රටේ, මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවකට ආවහම, ඇත්තට ම දැනුනේ
සතුටක්.
ඒත්, කාලය වෙනස් වෙලා, අපි විඳපු ජීවිතය අපේ දරුවන්ට ලබා දෙන්න බැරිව, අපේ අම්මලා අපිට නොදාපු සිමා
මායිම් දාගෙන දරුවෝ හදනකොට, ඒ ගැන හිතට ඇතිවුණ දුක ගැන දෙවරක් හිතන්නවත් කාලයක්
නැතිව, වැඩත් එක්ක ඉස්සරහට ගියාට, මේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න
පුළුවන්නම් කොච්චර හොදඳ කියලා හිතුන වාර ගාන නම්
මතකවත් නැහැ.
අලුතෙන් සිදුවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ආරංචි එක දෙක ලැබෙන කොට ඒ
ගැන කුහුලක් ඇති වුණේ නිරායාසයෙන්. ඒ අතරේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද
පුහුණුකරුවන් පුහුණු කිරිමේ අවස්ථාවකට සම්බන්ධ වෙන්න ලැබුනහම ඇත්තට ම පුදුමාකාර
සතුටක් දැනුණා.
2021.09. 14 හා 17 දවස් තුනේ, පළමු අදියරේ වැඩමුළුවට සහභාගී වුණහම ප්‍රතිසංස්කරණවල
පෙරමුණ ගත්ත කණ්ඩායමේ සැබෑ ම විද්වතුන් කියන දේවල් අහගෙන හිටියේ ඇත්තට ම ආසාවෙන්. උගන්වන්න දන්න
ගුරුවරු ටිකක් යටතේ, ඉගෙන ගන්නවා කියන හැගීම තමයි දැනුණේ.
17 වෙනිදා පැවරුමක් දෙනවා කියලා, කණ්ඩායම් කළ වෙලේ, ලංකාවේ, හතර
දිසාවේ ඉන්න 17 ක් ඉන්න කණ්ඩායමකට වැටුනහම, හිතට ආව පළවෙනි ප්‍රශ්නය වුණේ, “අප්පච්චියේ... 17 ක් එක්ක
මොන කණ්ඩායම් ක්‍රියාකාරකම්ද ?” කියන එකයි.
එත් ඉතින්, මොනවා කරන්නද? වැඩකට එකතු වුණානම්, ඉවර වෙනකන් ඉන්න ම එපැයි, කියලා හිත හදා ගත්තා. කොහොම හරි, එතැන් ඉඳන් ගලා ගිය දවස් ටිකේ... අලුතෙන්, එකතු වුණ දෑ බොහොමයි. කණ්ඩායම් ක්‍රියාකාරකම් ගැන ලැබුණේ හරි ම ප්‍රායෝගික අත්දැකීමක්.
අපි එකතුවෙලා කළ කණ්ඩායම් ක්‍රියාකාරකම ගැන කියන්නයි මේ blog එක හැදුවේ. අපේ සංජීවනී.. ඒ ගැන දැනගෙන සිටියා. නැත්නම් අපි හුඟ දෙනෙකුට අහලා තිබුණට අපි වගේ අයටත් blog එකක් හදන්න පුළුවන් කියලා තේරුමක් තිබ්බේ නැහැ. සංජීවනී කීවේ.. "ඒක අමාරු දෙයක් නෙවේ. ඒකත් අපි ඉගෙන ගමු" කියලා.
ඉතින් ඒ තමයි මේ ගමනේ
ආරම්භය. ඉතින් මෙතැන් සිට අපි හොයා ගත්ත දේවල් එකින් එක මෙතැනට එකතු වේවි. අපිට
වගේ ම තවත් අයටත්, මෙහි සදහන් දෑ ප්‍රයෝජනවත් වේවා! කියලා පතමින්, සමාරම්භක සටහන
නිම කරනවා.
මම සමීරා ලියනගේ
No comments:
Post a Comment