අධ්‍යයන අවශ්‍යතා සදහා නිර්මාණය කරන ලද්දකි.

ශ්‍රී ලංකාවේ පාසල්වල ICT විෂයයෙහි සිදුවිය යුතු වෙනස්කම්

(පෞද්ගලික අංශයේ දෙමාපිය අදහස් හා යෝජනා ආශ්‍රිතව බිම් මට්ටමේ සිදු කරන ලද සොයාබැලිමකි).

පසුබිම

තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රෙහි රැකියවල නියුතු දෙමාපියන් තුළ තම දරුවන් ඉගෙන ගන්නා ශ්‍රේණියෙහි, විෂය මාලාව පිළිබද පෙළපොත පරිශීලනයෙන් සහ දරුවාගේ ඉගෙනීමේ ස්වභාවය පිළිබද සාමාන්‍ය අවබෝධයක් පවතී. 


දැනට පවතින, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයමාලාවෙහි පවතිනුයේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අධ්‍යයනය නොව එම විෂය ගැන අධ්‍යයනය කිරීමේ ස්වභාවයක් බවට චෝදනාවක්, එම ක්ෂේත්‍රයට සම්බන්ධව පෞද්ගලික අංශයේ වෘත්තීන්හි නියැළි දෙමාපියන්ගෙන් එල්ලවේ.


ජාතියේ සහ කාලයේ අවශ්‍යතාවය සමග පවත්නා විෂයමාලාව තුළින් බිහි කෙරෙන ශ්‍රම බලකායෙහි තිබෙන දුරස්ථභාවය, එලෙසම පවතින ආකාරයේ විෂය මාලාවක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ද හදුන්වා දුනහොත් 

ශ්‍රී ලංකාවෙහි සාමාන්‍ය අධ්‍යාපනය 21 වන සියවසට ගැලපෙන ආකාරයට සකස්විම සිහිනයක් පමණක් වීමට හැකිය. එබැවින්, පවත්නා තොරතුරු හා සන්නිවේදන අධ්‍යාපනයේ දුර්වලතා මැනවින් හදුනාගෙන එම දුර්වලතා රහිතව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වා දීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී.


ඒ අනුව, මතු වූ දෙමාපිය යෝජනා කිහිපයක් පහත පරිදි වේ.



1.    ICT  නීරස විෂයක් වීම වැලැක්වීම 

ICT යන්න පිළිබදව දරුවන්ට පැහැදිලි අවබෝධයක් නැත. ඔවුන්, දැඩි කැමැත්තක් මෙම විෂය අධ්‍යයනයට දැක් වුවද, විෂය ඉගෙන ගැනිමේදි  ලැබෙන නීරස බව නිසා, ඉහළ පන්තිවලදී වැඩි දුර අධ්‍යයනය සදහා එම විෂය තෝරා නොගැනීමට ඉඩ ඇත. 


උදා  8 ශ්‍රේණිය වර්තමාන විෂයමාලාවේ පළමු පාඩම සංඛ්‍යා පද්ධතියි. මෙය පරිගණක ඉංජිනේරු විද්‍යාවට වැදගත් වන්නකි. 8 ශ්‍රේණියට එය ඇතුළත් කිරීම ප්‍රාථමික අවධියේ පරිසරය පාඩමකදී ශරීර අභ්‍යන්තරයේ සෛල පිළිබද පළමු පාඩමින් ම කීමට යනවා වැනිය. මෙම ශ්‍රේණියේදි කිසිදු අයුරකින්, ප්‍රායෝගික භාවිතයට යොදා නොගැනෙන, සංකීර්ණ දැනුම, සරල මට්ටමින් හෝ ඇතුළත් කිරීම කිසිදු උපයෝගීතාවයක් නොමැති තත්ත්වයකි. මෙය ජාතියේ සංවර්ධනයට උර නොදෙන විෂය මාලාවකට මනා නිදසුනකි.


2.    ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින් තොරවිම පිටු දැකිම

6 ශ්‍රේනියේ සිට වුවද ICT යනුවෙන්, හාඩ්වෙයාවල ඇති කොටස් ආදිය පිළිබද  නොවැදගත් පාඩම් න්‍යායාතමකව පමණක් ළමුන්ට  ඉගැන්වූ විට සහ ප්‍රායොගික ක්‍රියාකාරකම්වලින් තොරවු විට, සාර්ථක අධ්‍යාපනයක් නොලැබේ. පාසල තුළ පවත්නා සම්පත් අවම  වුව ද, එලදායිීව ක්‍රියාකාරකම් සම්පාදනය තුළින්, මෙම යුගයේ දරුවන්ට තමා ජිවත්වන පරිසරයන් තුළින්, සම්පත් පුද්ගලයින්ගේ ආධාරයෙන් සපයාගනනා සම්පත්, කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් හුවමාරු කර ගැනීමෙන්, දෘඩාංග ආශ්‍රිත අධ්‍යාපනය මැනවින් ග්‍රහණය කර ගැනීමට පහසුකම් සැපයිය හැකිය.


3. වානිජ  ඇප්ලිකේෂන් භාවිතයට දැඩි අනුබලයක් දීම වෙනුවට වැඩසටහන් නිර්මාණයට 

කුඩා අවධියේ සිට පෙළඹවීම


අපේ රටේ,  බහුතරයක් ගුරු සංවර්ධන  වැඩසටහන් සදහා මයික්‍රෝෙෆ්ට් ආයතනය අනුගහ සපයයි. ය. 

එබැවින්, බොහෝ විට ඒ සමාගමට අදාළ මෘදුකාංග භාවිතයට ඉගැනවීමට ගුරුවරු  සිය ප්‍රධාන ප්‍රායෝගික ක්‍රියාකාරකම ලෙස සිතති. එය හරියට, Auto mobile ඉගැන්වීමේ දී driving උගන්වනවා වැනිය. 


කවුරු හෝ නිර්මාණය කළ  මෘදුකාංගයක් පමණක් භාවිතයට ගැනිමට ඉගැන්වීම, මෙරට, යටත් විජිත සමයේදී පාලකයින්, සිය ලිපිකරු අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය දැනුම පමණක් අධ්‍යාපනයෙන් ලබා දීම කළාක් වැනිය. 


මෘදුකාංග භාවිතයට සරල දැනුමක් ලබා දීම සහ නොමිලේ ලබා ගත හැකි වැඩසටහන්, google docs, slides, sheets, blogger ප.මණක් භාවිතයට ඉගැන්වීම ප්‍රමාණවත් නොවේ


අවශ්‍ය ම දේ පරිගණක වැඩසටහනක් හැදීමට ළමුන්ට හුරු කරවීමයි. 


4.    හයවන ‍(6) ශ්‍රේණියේ සිට ප්‍රායෝගිකව පරිගණක වැඩසටහනක් නිෂ්පාදනය කිරීම පිළිබඳව                 පාඩම් ඇතුලත් කිරීම

Java, Javascript වැනි වැඩසටහන් භාෂා ඉතාමත් සරලව හදුන්වා දීම වැදගත්ය. පාසල් පරිසරය, නිවසේ පරිසරය ආශ්‍රෙයන් ඉතා කුඩා වැඩසටහන් සම්පාදනයට අවශ්‍ය ක්අදධ්‍යපාන අවස්ථා උදා කර දිය යුතුය. 


දරුවන්ගේ පරිගණක ක්‍රීඩා සදහා අ ඇති ආසාව භාවිතා කර, Game development වැනි දේවල් සංයමයෙන්, කිරීමට හදුන්වා දිය හැකිය. ඒ තුළින්, වැඩසටහන්නරණයට යොමු වන දරුවා, වර්තමානයේ අන්තර්ජාලයේ පවතින, විඩියෝ පාඩම් ආදිය නැරඹිම තුළින් සිය කුසලතා දියුණු කර ගැනීමට පෙළඹෙනු ඇත.


5. Top down ක්‍රමය වෙනුවට ඉගැන්වීමේදී  bottom up න්‍රමය භාවිතා කිරීම, 

යමක් භාවිත අවස්ථාව වන අවස්ථාව සදහන් කිරීම හෝ නිදසුන් මගින් දැක්වීම වෙනුවට එය කරන යෙදවුම, සරලව  ප්‍රායෝගිකව  කිරීමට අත්හදා බැලීමට අවස්ථා සම්පාදනය, අවශ්‍යයයි.


6. මානව සම්පත් සංවර්ධනය


වර්තමානයේ පාසල්වල උගන්වන බොහෝ  ICT ගුරුවරුනට නවීන යුගයට අවශ්‍ය ඉගැන්වීම් පරිචයක් නැත. ගුරු මාර්ගෝපදේශයට/පෙළපොතට බාහිරින් කිසිදු දැනුමක් නැත. විශේෂයෙන්, පරිගණක විද්‍යාව ඉගෙනීම් නොකළ වෙනත් විෂය උපාධිධාරින් තුළ ද මෙම තත්ත්වය ඇත. එබැවින්, පදධතිය තුළට ගුරු භවතුන්/පුහුනුකරුවන් බදවා ගැනීම සහ පවත්නා ගුරු භවතුන්ගේ ධාරිතා සංවර්ධනය අත්‍යාවශ්‍යය.

යෝජනා.


පරිගණක උපාධියක් ඇති ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු සඳහා යොදාගැනීමට ක්‍රමවේදයක් සැකසීම/ICT for Education ගුරු භවතුන් පුහුනු කිරීමට විද්‍යාපීඨයක් ආරම්භය/

සෑම විද්‍යා පීඨයක ම අදාල දෙපාර්තමේන්තුවක් ස්ථාපනයට පියවර  ගැනීම සහ

වත්මනේ දී විශ්ව විද්‍යාලයකට හෝ විද්‍යාපීඨයකට ඇතුළත් නොවන තරුණ දරුවන් 10,000 ක් පමණ තෝරාගෙන, ඔවුනට, ඩේටා පැකේජයක් සහ පරිගණකයක් සපයා දී, විශ්වවිද්‍යාලයට අනුබද්ධව, විෂය මාලාවක් සහ මූලික මගපෙන්වීමක්, මාර්ගගතව ලබා දී,  ස්වයං අධ්‍්‍යයනයට යොමු කිරීම.

මෙහිදී ප්‍රායොගික අංශය 80% ක් වන න්‍යාය 20% ක් වනසේ පාඨමාලාව සකස් කිරීම වැදගත් ය.


(පාසල්වල ඉගැන්වීමට වර්තමානයේදී, මොරටුව විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක computer engineering මට්ටමේ අධ්‍යාපනයක් අවශ්‍ය නැත. සාමාන්‍ය computer science අධ්‍යාපනයක් ප්‍රමාණවත් ය.) 


මේ තරුණ ළමුන්, එවිට,  අන්තර්ජාලයේ ඇති වීඩියෝ ආදිය භාවිතා කර, එකිනෙකා හා කථා කර ස්වයංව ඉගෙන ගැනීමට හැකියාව ඇත. අවසානයේදී ඇගයීමක් කර පාසලට, අධ්‍යාපනය සදහා ICT පුහුණුකරුවන් ලෙස බදවා ගැනීමට හැකිය. (ක්‍රීඩා පුහුණුකරුවන් බදවා ගත්තාක් මෙන්). මෙම 10, 000 ම පාසලට පුහුනුකරුවන් ලෙස නැවත නොආවත්, එය අපරාදයක් නොවේ. හේතුව මෙවැනි පුහුණුවක් ලබන අය රටේ ශ්‍රම හමුදාවට එක්වන පුහුණු ශ්‍රමිකයන් වන බැවිනි.  


උක්ත අදහස් හා යෝජනාවල සදහන් යම් කරුණක්, මේ වන විට ද නව අධ්‍යාපන ප්‍රතිසංසකරණ යටතේ ICT විෂයමාලාවට ඇතුළත් ව නැත්නම්, එ කරුණු, ජාතික අධ්‍යාපන ආයතනයේ අවධානයට යොමු කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සුභවාදීව වැලද ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින, අධ්‍යාපන ක්ෂෙත්‍රයේ, නිලධාරින්, ගුරු භවතුන් සහ දෙමාපියන්ගේ අපේක්ෂාවයි.





පෞද්ගලික අංශයේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන සුධිර ලියනගේ මහතාගේ  ((sudheeral@gmail.com) අදහස් ඇසුරින් සකස් කෙරුණි. 



1 comment: