21 වන සියවස පිළිබඳ සලකා බැලීමේදී ඒ හා බැඳුණු කාර්මික විප්ලවය පිළිබඳ සංකල්පය නොසලකා හැරිය නොහැකි ය.
අප ජීවත් වන මෙම විසි එක්වන සියවසට වර්ෂ 2015 දී පැවති ලෝක ආර්ථික සංසදයේ දී Clube Schwab විසින් දෙන ලද අර්ථ අර්ථකථනය අනුව මෙම වර්තමානය කාර්මික විප්ලවයේ සිව් වන අදියර හෙවත් සයිබර් අවකාශ සහ ස්වයංක්‍රීය සමය ලෙස හඳුන්වනු ලැබේ .
කාර්මික විප්ලවය ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත. එනම් ,
1) සුහුරු තාක්ෂණය (Smart Technology)
2) රොබෝ විද්‍යාව (Robotic )
3) කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence)
මේ සියල්ල අද වන විට අපගේ එදිනෙදා ජීවිතය කෙරෙහි විශාල බලපෑමක් එල්ල කර ඇත .
හතරවන කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ , තමා විසින් ම හැඩගස්වා ගන්නා ඉගෙනුම සඳහා වූ අභිමත ප්‍රවේශයක් මේ නමින් හඳුන්වනු ලැබේ .
එක්වන සියවසට හා හතරවන කාර්මික විප්ලවයට ඔරොත්තු දිය හැකි පුද්ගලයින් තැනීමෙහි ලා අපේ අධ්‍යාපන ක්‍රමය මන්දගාමී බවට බොහෝ දෙනා චෝදනා කරති. ඔවුන් පවසන්නේ විචාරාත්මක චින්තනය, ගැටලු විසඳීම, නිර්මාණශීලීත්වය වැනි කුසලතා 4 වන කාර්මික විප්ලවය සඳහා අත්‍යවශ්‍ය කුසලතා බවත්, මේවා වර්තමාන අධ්‍යාපනය තුළින් තුළින් දරුවාට ලබා දෙන්නේ නොමැති බවත් ය.
එබැවින් මෙම යුගයට ගැළපෙන ශිෂ්‍යයකු බිහි කිරීමට අපගේ පාසල් වර්තමානයේ පවත්නා තත්ත්වයෙන් වෙනස් කිරීමට කටයුතු කළ යුතු වේ.
ඒ සඳහා ;
1) පාසල් වල දැක්ම හා මෙහෙවර නැවත නිර්වචනය කළ යුතු ය .
2) පාසලේ පස් අවුරුදු හා වාර්ෂික සැලසුම් ඉහත සඳහන් කරන ලද දැක්ම හා මෙහෙවර ට අනුගතව සකස් කොට නව ජවයකින් හා අධිෂ්ඨානයකින් යුක්තව එම දැක්ම කරා යාමට කටයුතු කළ යුතු ය.
3) කරන ලද වෙනස්කම් වලට ගැලපෙන ලෙස කාර්ය මණ්ඩලයේ ධාරිතා සංවර්ධනය කළ යුතු .ය
4) STEM අධ්‍යාපනය වැඩි දියුණු කිරීම කළ යුතු ය. STEM යනු හතරවන කාර්මික විප්ලවය යුගයට ඉතා වැදගත් වන විද්‍යාව , තාක්ෂණවේදය , ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යි.
5) ශිෂ්‍යයන්ගේ මානව විභව්‍යතාවන් වර්ධනයට පාසල තුළ අවස්ථා සැපයීම සිදු කළ යුතු ය .
6) ගුරුවරුන් හා දෙමාපියන් විසින් යාවජීව අධ්‍යාපනයේ වැදගත්කම ශිෂ්‍යයන්ට නිරන්තරයෙන් අවබෝධ කර දීම අනිවාර්යයෙන් සිදුවිය යුතු ය.
7) සිසුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට , අසාර්ථකවීම් විඳදරා ගැනීමට හා කුතුහලය සංසිඳුවා ගැනීමට සුදුසු වටාපිටාවක් හා පාසල හා පංති කාමරය තුළ සකස් කර දිය යුතු ය . එසේ ම අවශ්‍ය අවස්ථාවලදී අවස්ථාවලදී පන්තිකාමරය ම වැඩ භූමියක් ලෙස සකස් කර ගැනීමට අවශ්‍ය දැනුම, සිසුන්ට හා ගුරුවරුන්ට ලබා දිය යුතු ය.
8) පාසල් ප්‍රජාව මේ සම්බන්ධව දැනුවත් කර 4වන කාර්මික විප්ලවයට සුදුසු දරුවෙක් තැනීමට අවශ්‍ය වන පරිසරය සකස් කර ගැනීමට ඔවුන්ගේ ද සහාය ලබා ගැනීම .
Hi Ayesha, Nice to see that you are taking experience in new paths introduced.
ReplyDelete